සුරාබදු කොමසාරිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පෙත්සමක්

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතර දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ‍ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් අප්‍රේල් මස 02 වනදා අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේදී පවතින සුරා බදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළ බවයි.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් වග උත්තරකරුවන් විසින් දේශපාලකයින්ගේ හිතවතුන්, ඔවුන්ගේ ඥාතීන් හා සුපිරි වෙළෙඳසැල් ජාල සඳහා අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවටත් චෝදනා එල්ල තිබෙනවා.

ඒ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් හතර දෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසයි පෙත්සම් කරු ඉල්ලා සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *