රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට රු.බිලියන 2.3ක ලාභයක්

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට රු.බිලියන 2.3ක ලාභයක්

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට රු.බිලියන 2.3ක ලාභයක්

තමා අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

බදාදා දිනයේ (05) පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා 2023 හා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත්ද දරුවන්ට ලබා දි ඇති අතර ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් සඳහාද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇණවුම භාර දී ඇති බව වැඩිදුරටත් පැවසුවා.

පසුගිය 2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට ක්‍රියා කළ බවත් මෙම වර්ෂයේදී එම ප්‍රදානය 80% දක්වා වැඩි කරගැනීමට හැකි වූ බවත් ලබන වසරේ නිල ඇඳුම් ලබාගැනීම වෙනුවෙන් ද ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *