රටේ ණය ගැන මුදල් රාජ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්

වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු.බිලියන 129ක ණය ගෙවා දැමීමට පියවර
මෙම වසරේ මාර්තු 31 වනවිට පැවැති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,725,200ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පසුගියදා (07) පැවසීය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට දේශීය ණය රුපියල් කෝටි 17,051ක් පැවති බවද හෙතෙම ප්‍රකාශ කළ අතරම බාහිර ණය ලෙස කෝටි 3700ක් පැවති බවද ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ණය කළමනාකරණ පනක් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
එක් කේන්ද්‍රගත ස්ථානයකට ණය කලමනාකරණ වගකීම පැවරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව පැවසූ සේමසිංහ මහතා ණය තිරසරභාවයක් ඇතිවන ආකාරයට රට කළමනාකරණය කිරීමද එහි තවත් අරමුණක් බව සඳහන් කළේය.