ආනයනය තහනම් කළ කාලය තුළදී වාහන 44,430ක් ගෙන්වලා

ඔක්තෝබර් 1 සිට අදියර කිහිපයකින් වාහන ආනයනයට අනුමැතිය

ඔක්තෝබර් 1 සිට අදියර කිහිපයකින් වාහන ආනයනයට අනුමැතිය

ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතින බවද මෙහිදී සඳහන් කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක් නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහිදී ගැඹුරින් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේදී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇති බවද ඔවුන් මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා පැවසුවේ දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *