අයහපත් කාලගුණයෙන් නිවාස 5587කට හානි

අයහපත් කාලගුණයෙන් නිවාස 5587කට හානි

අයහපත් කාලගුණයෙන් නිවාස 5587කට හානි

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි.

නිවාස 56ක් පූර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531ක් බව සඳහන්.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද මේ වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 16ක් වනවා.

පුද්ගලයින් 7,639 දෙනෙකු මේ වන විටත් සුරක්ෂිත මධ්‍යස්ථාන 1,973ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 63,413කට අයත් පුද්ගලයින් 239,006ක් බලපෑමට ලක්වී ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *