ස්ලෝවේනියා රාජ්‍ය, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනී

ස්ලෝවේනියා රාජ්‍ය පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනී

ස්ලෝවේනියා රාජ්‍ය පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනී

ස්ලෝවේනියා රාජ්‍යද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබේ.

ස්ලෝවේනියා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි මෙලෙස පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ස්ලෝවේනියාව නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව පලස්තීනය ස්වාධීන රාජ්‍යක් ලෙස පිළිගත් ස්පාඤ්ඤය/නොර්වේ හා අයර්ලන්තය අතරට ස්ලෝවේනියාවද එක් වනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් හිමි වි තිබේ.

යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වී නොමැති බවයි වාර්තා වන්නේ. මේ වන විට ලොව පුරා රටවල් 140කට අධික සංඛ්‍යාවක් පලස්තීනයේ ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *