නව රාජ්‍ය තාන්ත්‍රිකයන් 14ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 14ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 14ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 9 දෙනෙක් බදාදා දින(05) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අක්ත පත්‍ර බාර දුන්හ.

නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුද මෙලෙස පත්ව සිටිති.

මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

(05)බදාදා දින අක්තපත්‍ර බාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය මෙසේය.

01. Mr. Omar Castañeda Solares – Ambassador of the Republic of Guatemala
ඔමර් කැස්ටනේඩා සොලරෙස් මහතා – ගෝතමාලා ජනරජයේ තානාපති

02. Mr. Ali Achoui – Ambassador of the People’s Democratic Republic of Algeria
අලි අචෝයි මහතා – ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති

03. Ms. Marje Luup – Ambassador of the Republic of Estonia
මාර්ජ් ලූප් මහත්මිය – එස්තෝනියා ජනරජයේ තානාපති

04. Mr. Bounmy Vanmany – Ambassador of the Lao People’s Democratic Republic
බෞන්මි වන්මෙනි මහතා – ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති

05. Mr. Victor Hugo Echeverri – Ambassador of the Republic of Colombia
වික්ටර් හියුගෝ එචෙවෙරි මහතා – කොලොම්බියා ජනරජයේ තානාපති (නවදිල්ලිය)

06. Mr. David Gregory Pine High Commissioner of the New Zealand
ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා – නවසීලන්ත මහකොමසාරිස්

07. Mr. Semih Lütfü Turgut – Ambassador of the Republic of Türkiye
සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා – තුර්කි ජනරජයේ තානාපති

08. Mr. Evagoras Vryonides – High Commissioner of the Republic of Cyprus
එවගොරාස් ව්‍රියොනිඩෙස් මහතා – සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස්

09. Mr. Kevin Kelly – Ambassador of Ireland b
කෙවින් කෙලී මහතා – අයර්ලන්ත තානාපති

10. Mr. Masood Imad – High Commissioner of the Republic of Maldives
මසූඩ් ඉමාඩ් මහතා – මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්

11. Ms. Aliki Koutsomitopoulou – Ambassador of the Hellenic Republic
අලිකි කොට්සොමිටොපෝලෝ මහත්මිය – හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති

12. Mr. Abu Bakarr Karim – High Commissioner of the Republic of Sierra Leone
අබු බකාර් කරීම් මහතා – සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්

13. Dr. Nikolay Yankov – Ambassador of the Republic of Bulgaria
ආචාර්ය නිකොලායි යන්කොව් මහතා – බල්ගේරියානු ජනරජයේ තානාපති

14. Mr. Haymandoyal Dillum – High Commissioner of the Republic of Mauritius
හේමන්ඩොයාල් ඩිලුම් මහතා – මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *