ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204කට සීමාවාසික පුහුණු පත්වීම්
 
                ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204කට සීමාවාසික පුහුණු පත්වීම්
ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන් දෙසිය හතරදෙනෙකුට සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කෙරුණා.
පත්වීම් ලිපි ප්‍රධානය මහරගම නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ දී සිදුකෙරුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රදානත්වයෙන්.
දිවයිනේ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් හා පළාත් සභා ආයුර්වේද රෝහල් එකසිය පහක් තුළ මෙම පිරිස පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ වසරක කාලයක් පුහුණුව ලැබිමට නියමිතය .

 
                                            


