ගංවතුරෙන් සතුන්ට වන හානි සඳහා JICA විසින් ලියන රු. මිලියන 08ක ඖෂධ

ගංවතුරෙන් සතුන්ට වන හානි සඳහා JICA විසින් ලියන රු. මිලියන 08ක ඖෂධ

ගංවතුරෙන් සතුන්ට වන හානි සඳහා JICA විසින් ලියන රු. මිලියන 08ක ඖෂධ

මේ වනවිට බලපා තිබෙන ගංවතුර තත්ත්වයත් සමඟ ගව, එළු, කුකුළු හා ඌරන් වැනි පශු සම්පත්වලට වැළඳිය හැකි රෝගවලින් එම පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) විසින් රුපියල් මිලියන 08ක් වටිනා ඖෂධ තොගයක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිරිනමනු ලැබීය.

මෙම ඖෂධ තොගයට ප්‍රතිජීවක ඖෂධ, නික්ෂේපන සදහා යොදා ගන්නා ඖෂධ විශාල ප්‍රමාණයක් ඇතුලත් වේ.
පශු සම්පත් සඳහා ඖෂධ තොගය සංකොත්තාමකව බාර දීමේ අවස්ථාවට JICA ප්‍රධාන නියෝජිත Mr.Yamada Tetsuya, නියෝජිතයින් වන Mr. Mizuno Tsuyoshi හා Senior Representative Mr. Noguchi Takuma හා ව්‍යාපෘති විශේෂඥ ප්‍රසාද් නිශ්ශංක මහතා ඇතුළත් පිරිසක් සහභාගී වූහ.

ඖෂධ තොගය පළාත් 09ම නියෝජනය වන පරිදි පශු සම්පත් ක්ෂේත්‍රයේ යෙදී සිටින ගොවීන් සඳහා ‌ෙබදා දීමට නියමිතය. ඒ සඳහා එම ඖෂධ තොගය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර පවතින වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය නිසා පශු සම්පත් අංශවලට සිදුව ඇති හානිය සම්බන්ධව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

පසුගිය දින දෙකෙහි පැවැති අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට බලපෑ ගංවතුර හා ජලගැලීම් හේතුවෙන් ඌරන් සහිත ගොවිපොළ රැසක් විනාශ වී ඇකි බවත්, කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ රැසක් ද විනාශ වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ව්‍යාපාරික මට්ටමේ එළවළු වගාවන් රැසක් විනාශ වී ගොස් ඇති නිසා එළවළු මිල ඉදිරි කාලයේ දී ඉහළ යාමේ අවදානමක් ද පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම මාළු මිල ගණන් ඉහළයාම නිසා කුකුළු මස් හා බිත්තර පරිභෝජනය මේ වනවිට ඉහළ ගොස් ඇතත්, මෙම අවස්ථාවේ කුකුළු මස් ඉහළ නොදැමීමට කුකුළු නිෂ්පාදන සමාගම් හා කුකුළු ගොවිපොළ අයිතිකරුවන් තමන් සමග කළ සාකච්ඡාවලදී එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *