ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළට

ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළට

ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළට

මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වන බවත් 2023 වර්ෂයේ සිට වැඩිම අස්වැන්නක් වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වාදී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගම්මිරිස් ආනයනය කරනවාදැයි සමහරුන් අසන බව කී අමාත්‍යවරයා ගම්මිරිස් ආනයනය කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද ලෝකයේ හොඳම ගම්මිරිස් ලංකාවේ වැවෙන අතර ගම්මිරිස් ආනයනය කරනවා යන වචනයවත් කියන්න ඉඩ තබන්නේ නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *