පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට සහාය දෙනවා – චීන ජනපති

0
පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට සහාය දෙනවා - චීන ජනපති

පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට සහාය දෙනවා - චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින් පිං, චීන අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උ‍ළෙලට එක්ව එහි ප්‍රධාන දේශනය පවත්වයි. එම උත්සවය බෙයිජිං අගනුවර දී බ්‍රහස්පතින්දා (30) පැවැත්විණ.

අරාබි රටවල් සමග එක්ව චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම පිළිබඳ ආදර්ශ සබඳතාවක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට හා මූලධර්මයන්ටත්, විවිධ රටවල ජනතාවගේ තෝරාගැනීම් හා ඓතිහාසික සත්‍යයන්ටත් ගරු කරමින්, උග්‍ර වී ඇති ප්‍රශ්නවලට තිරසර විසඳුම් සොයා ගැනීම සඳහා අරාබි රටවල් සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය සූදානම් බවද ෂී ජින් පිං අවධාරණය කළේය.

එසේම චීන – අරාබි ද්විපාර්ශ්වික සංවර්ධනය කඩිනම් කිරීම සඳහා අරාබි රාජ්‍යයන් සමග එක්ව ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ ගොඩනැගීමට චීනය සූදානමින් සිටී. එනම්, ප්‍රාණවත්භාවයෙන් සපිරි නවෝත්පාදන බිහිකිරීම, විශාල පරිමාණයේ ආයෝජන හා මූල්‍ය සේවා, විවිධත්වයෙන්‍ යුතු බලශක්ති සහයෝගිතාව, සමබර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී ආර්ථික සහ වෙළඳ පටිපාටි මෙන්ම පුළුල් මානව හා සංස්කෘතික හුවමාරු මේ පංචවිධ ක්‍රමවේදයට ඇතුළත් වේ.

සීමාවකින් තොර යුද්ධයටත්, යුක්තිය අහෝසි වී යාමටත් තවදුරටත් ඉඩ නොතැබිය යුතු බව සඳහන් කළ ෂී ජින්පිං මහතා ‘ද්විරාජ්‍ය විසඳුම’ නොසැලී ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය. 1967 දේශසීමාව මත පදනම්ව නැගෙනහිර ජෙරුසලම අගනුවර කර ගනිමින් පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට චීනයේ ස්ථිර සහාය හිමි වේ. එසේම, පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමටත්, වඩාත් ඵලදායී ජාත්‍යන්තර සාම සාකච්ඡා පැවැත්වීමටත් සහාය දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com