උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගිවිසුමක්

උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගිවිසුමක්

උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගිවිසුමක්

චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ (30) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Tang Yandi යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් කරන ලදී.

චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් 2023 අප්‍රේල් මස 23වන දින යුවාන් මිලියන 240 ක මුදලක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදු කළද ඇස්තමේන්තු සකස් කිරීමේදී ව්‍යාපෘතිය සදහා නිශ්චිතවම වැය කිරීමට නියමිතව ඇති මුදල යුවාන් මිලියන 229ක් වේ. ඒ අනුව වැය කිරීමට නියමිතව ඇති යුවාන් මිලියන 229ක මුදල වෙනුවෙන් වු ගිවිසුම අත්සන් කිරීම සිදු කරන ලදී.

ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව, අධිකරණ අමාත්‍යතුමා, චීන තානාපතිවරයා ඇතුළු චීන රජයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *