දකුණු කොරියාවට අපද්‍රව්‍ය සහිත බැලූන පතිත වේ

0
දකුණු කොරියාවට පතිත වූ අපද්‍රව්‍ය සහිත බැලූන

දකුණු කොරියාවට පතිත වූ අපද්‍රව්‍ය සහිත බැලූන

අපද්‍රව්‍ය සහිත බැලූන 260ක් පමණ දකුණු කොරියාවේ විවිධ ස්ථානවලට පතිත වී ඇති බව එරට බලධාරීන් පවසයි.

උතුරු කොරියාවෙන් එම බැලූන එවා ඇති බවට සැකකෙරෙන අතර එම බැලුන වැටුණු ප්‍රදේශවල ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙසත් එම බැලුන ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් දකුණු කොරියානු බලධාරීන් දැනුම්දී තිබේ.

සුදු වර්ණයෙන් යුතු බැලුන දකුණු කොරියාවේ ප්‍රාන්ත 8කට හෝ 9කට පතිත වී ඇති බව වාර්තා වෙයි.

එම බැලුන සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹු බව එරට බලධාරීන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com