බැංකු ණය පොලී අනුපාතිකය තව දුරටත් පහළට
මහ බැංකුව අපනයනකරුවන්ට දැම්ම අලුත්ම සීමාව
පසුගිය සතිය වන විට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.
ඒ අනුව පසුගිය සතියේ දී එම අගය 9.65%ක් දක්වා පහළ ගොස් තිබූ අතර ඊට පූර්ව සතියේ දී එම අගය දැක්වුණේ 9.92%ක් ලෙසයි.
මෙය 2022 මාර්තු 25 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික අගයයි.
ඒ, අනුව දේශීය වානිජ බැංකු තුනක හැර සෙසු සෑම දේශීය වානිජ බැංකුවකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික ඊට පෙර සතියට සාපේක්ෂව පහළ ගොස් ඇති අයුරු දක්නට ලැබෙනවා.




