ලංකාවට එන සෑම සංචාරකයෙකුටම ” සිහිවටන තිළිණයක්”

ලංකාවට එන සෑම සංචාරකයෙකුටම ‘තේ තෑග්ගක්‘

ලංකාවට එන සෑම සංචාරකයෙකුටම ‘තේ තෑග්ගක්‘

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සඳුදා (13) යෝජනා කළේය.

ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතය.

තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සඳුදා (13) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සංචාරය නිමවා ආපසු ගුවන් තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේදී මෙම සිහිවටනය ලබා දෙන අතර ඊට පුද්ගලික තේ කර්මාන්තකරුවෝද සිය එකඟත්වය පළ කළහ. ඔවුන්ද ඊට දායක වීමට සූදානම් බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම වැඩ පිළිවෙළ රජය මෙන්ම පුද්ගලික අංශයේද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පුද්ගලික අංශය විසින් දැරීමට නියමිත අතර මේ වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලා මෙන්ම තේ වතු නැරඹීම සඳහා පැමිණෙති. එමෙන්ම ශ්‍රී ලංකාවේ තේ පානය සඳහාද විශාල උනන්දුවක් දක්වති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *