කර්මාන්ත ලියාපදිංචිය Online ක්‍රමයට

කර්මාන්ත ලියාපදිංචිය Online ක්‍රමයට

කර්මාන්ත ලියාපදිංචිය Online ක්‍රමයට

කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (14) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදාතා යන ආයතන සමග එක්ව මෙම මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි.

reg.industry.gov.lk යන දිගුව හරහා දිවයින පුරා විසිරී සිටින නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත, කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේ හැකියාව ලැබෙයි. රජය විසින් ලබාදෙන මූල්‍යමය සේවා, තාක්ෂණික සේවා, කළමනාකරන සේවා ආදී පහසුකම් ලබා ගැනීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ මෙම ලියාපදිංචි සහතිකය අනිවාර්ය වේ.

මෙම මාර්ගගත ක්‍රමවේදය හරහා රට පුරා ක්‍රියාත්මක වන සියළුම ආකාරයේ නිෂ්පාදන කර්මාන්ත ජාලගත කර ඔවුන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් එම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම හා කර්මාන්තකරුවන් අභිප්‍රේරණය කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ වෙයි. එසේම මෙවැනි ක්‍රමවත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව වැනි තීරණ ගැනීමේ ආයතනවලට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවද පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *