මධ්‍යම අධිවේගී මාර්ගය ගැන නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය මැයි 4 වනදා එම කොටස කඩා වැටුණු අතර කොන්ක්‍රීට් කණු අතර කොන්ක්‍රීට් කදම්භ ස්ථානගත කිරීමේදී රබර් බෙයාරින් පෑඩ් මත ස්ථානගත කර ඇති බවත් එම කොන්ක්‍රීට් කදම්භය ඉන් ඉවත්ව පෙරළී කඩා වැටී ඇත.

ඒ හේතුවෙන් තවත් බාල්ක දෙකකටද හානී සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය. එම කොන්ක්‍රීට් කදම්භය 2021 වසරේ නොවැම්බර් මාසයේදී ස්ථානගත කර ඇති බව සඳහන්ය.

එබැවින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 01 කොටසේ ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස පරික්ෂා කර බැලීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කණ්ඩායම් දෙකක් මේ වනවිට යොදවා ඇති බව බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

එම කණ්ඩායම් මගින් ඉදිකර ඇති සියලු කොන්ක්‍රීට් ආධාරකවල වර්ථමාන තත්ත්ව ගැන පරික්ෂා කිරීමට සහ අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමට එම කණ්ඩායම් කඩිනමින් කටයුතු කරනු ඇති බව එහි දැක්වෙයි.

ඒ, තුළින් අධිවේගී මාර්ගය නියමිත ප්‍රමිතියෙන් සහ තත්ත්වයෙන් ඉදිකර, ආරක්ෂාකාරීව පවත්වා ගැනීම පිළිබඳ පූර්ණ සුපරික්ෂාවක් සහ පසුවිපරමකින් නිරන්තරයෙන් සිදුකිරීම තහවුරු කරනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එමෙන්ම අධිවේගී මාර්ග කොටස දැනට ඉදිකිරීම් මට්ටමේ පවතින බැවින් මාර්ග ඉදිරිකිරීම භාර කොන්ත්‍රාත්කරු විසින් මේ සඳහා සිදුව ඇති මුල්‍යමය හානිය දරාගතයුතු බවද මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *