තුන්වැනි වරටත් ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන්
ලන්ඩන් නුවර නගරාධිපති මැතිවරණයෙන් තුන්වැනි වරටත් සාදික් ඛාන් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
53 හැවිරිදි සදීක් ඛාන් තුන්වැනි වරටත් ලන්ඩන් නුවර නගරාධිපති ධුරයට පත් වූ පළමු පුද්ගලයා බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සාදික් ඛාන් ලන්ඩන් නුවර නගරාධිපතිවරයා ලෙස පළමුවරට තේරී පත්වූයේ 2016දී වන අතර, 2021දී ඔහු දෙවැනි වරටත් එම ධුරයට තේරී පත් විය.
බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ගේ කන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂිකාව සුසාන් හෝල් පරාජය කරමින් කම්කරු පක්ෂයේ සාදික් ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ ලක්ෂ 11කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් බවද වාර්තා වේ. ප්‍රතිවාදී අපේක්ෂිකාව සුසාන්ට හිමිවී ඇත්තේ ඡන්ද 8,12,000ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.