නව පත් කිරීම් කිහිපයකට උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය

0
රාජ්‍ය ආයතන 4කට පත්කළ සභාපතිවරුන්ට අනුමැතිය

රාජ්‍ය ආයතන 4කට පත්කළ සභාපතිවරුන්ට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.ඒ රොද්‍රිගෝ මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඒ.සී.එම් න‍ෆීල් මහතා පත්කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා.

මීට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා පත් කිරීමට සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නව සභාපතිවරයා ලෙස එන්.කේ.එස් ජයසේකර මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com