කොන්සියුලර් සේවා දින 2ක් අත්හිටුවයි

කොන්සියුලර් සේවා දින 2ක් අත්හිටුවයි

කොන්සියුලර් සේවා දින 2ක් අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි ‘සුහුරුපායේ’ 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රයට මාරුකිරීමේ කටයුතු හේතුවෙන් එම දින දෙකේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවද එම අමාත්‍යාංශය කියයි.

යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මහනුවර සහ මාතර යන නගරවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සාමාන්‍ය කාර්යාල වේලාවල විවෘතව පවතින බවත් ලේඛන සත්‍යාපනය සඳහා වූ අයැදුම්පත් සාමාන්‍ය පරිදි මෙම ප්‍රාදේශීය කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි බවත් එම අමාත්‍යංශය පවසයි.

සත්‍යාපනය කරනු ලැබූ ලේඛන මැයි 2 වැනිදා බ්‍රහස්පතින්දා යළි අයැදුම්කරුවන්ට යොමු කරන බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *