දූපත් 5ක් බද්දට ගත් ආයෝජකයින්ගෙන් කෝටි 6ක පොල්ලක්

දූපත් 5ක් බද්දට ගත් ආයෝජකයින්ගෙන් සංචාරක සංවර්ධන අධිකාරියට කෝටි 6ක පොල්ලක්

දූපත් 5ක් බද්දට ගත් ආයෝජකයින්ගෙන් සංචාරක සංවර්ධන අධිකාරියට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම බදු මුදල් අයවීමට නියමිතව ඇතැයි පැවසෙන්නේ ඉප්පන්තිව්, වෙල්ලයි,සින්න ඉරමතිව් දූපත, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත්වලිනි

මේ අතර කල්පිටියේ තවත් දූපත් හයකට අයත් ඉඩම් අක්කර 457ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණද එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ අතර යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් යාල පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික අත්දැකීමක් සංචාරකයන්ට ලබාදීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව වාර්තාව සඳහන් කරයි.

එසේම දූහිඳ ඇල්ල ආශ්‍රිතව පරිසරහිතකාමී කඩ කාමර විස්සක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇතැයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම ඊට හේතු වී තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේදී ආරම්භ කර 2018 ජනවාරි මස නිම කිරීමට අපේක්ෂා කර තිබිණ.

මේ තොරතුරු සඳහන් වන්නේ සංචාරක සංවර්ධන ප්‍රදේශ සහ සංචාරක ව්‍යාපෘති සංවර්ධන කර්මාන්තයට දායක කරගැනීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *