මෙල්බන් කායවර්ධන තරගාවලියකින් පළමු ස්ථානය ලාංකිකයෙකුට

මෙල්බන් කායවර්ධන තරගාවලියකින් පළමු ස්ථානය ලාංකිකයෙකුට

මෙල්බන් කායවර්ධන තරගාවලියකින් පළමු ස්ථානය ලාංකිකයෙකුට

කායවර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්ව ඇත.

පසුගිය 13වැනිදා මෙල්බන්හිදී පැවති තරඟාවලියේදී Men`s physique Novices අංශයෙන් පළමු ස්ථානයත් True Novices අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම විවෘත අංශයේ 3 වන ස්ථානයත් හිමි වූයේ ලක්රුවන් බණ්ඩාරටය.

IFBB Professional League Australia තරගාවලිය ආධුනික නවක සහ විවෘත කාණ්ඩ වැනි අංශ කිහිපයක් යටතේ මෙම තරඟ පැවැත්වුණි.

ලබන මැයි මස 4 වනදා ආරම්භ වන IFBB Professional League Australia තරගාවලියේ ජාතික ශූරතාවලියටද සහභාගී වීමට සූදානමිනුයි ලක්රුවන් බණ්ඩාර පසුවේ.

2018 වසරේ නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවට පැමිණි 27 හැවිරිදි ලක්රුවන් 2015 වසරේ සිට ශ්‍රී ලංකාව තුලදීත් කාය වර්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටි අයෙකි.

ජයසුන්දර බණ්ඩාර යටතේ පුහුණුව ලබන ඔහු ශ්‍රී ලංකාවේදීත් අවස්ථා කිහිපයකදීම කායවර්ධන තරගවලට ඉදිරිපත් වී තිබේ.

2016 වසරේ මධ්‍යම පළාතේ පැවති තරගවලින් මෙන්ම 2017 වසරේ Mr. Sri Lanka Junior තරගාවලියෙන්ද ඔහු සම්මාන ලැබීය.

ඔස්ට්‍රේලියාවේ සිට තවමත් අධ්‍යාපනය හදාරන ලක්රුවන් බණ්ඩාරගේ අරමුණ වී ඇත්තේ පෞද්ගලික උපදේශකයෙකු ලෙස කාය වර්ධන වෘත්තියේ නිරත වී ශ්‍රී ලංකාවේ කාය වර්ධන ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *