අඟහරු මෙහෙයුමට අදාළ කණ්ඩායමට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක්

අඟහරු මෙහෙයුමට අදාළ කණ්ඩායමට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක්

අඟහරු මෙහෙයුමට අදාළ කණ්ඩායමට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා(NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකුද තෝරාගෙන තිබේ.

ඒ අනුව නාසා ආයතනය මගින් සිදුකරන අඟහරු මෙහෙයුමට අදාළ කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකරද ඇතුළත් කර ඇති බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

NASA වෙබ් අඩවියේ පළ කර ඇති පරිදි මේ සඳහා, ජේසන් ලී (Jason Lee),ස්ටෙෆනි නවාරෝ (Stephenie Navarro), ශාරීෆ් අල් රොමායිති (Shareef Al Romaithi) මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පියුමි විජේසේකර (Piyumi Wijesekara) සුදුසුකම් ලබා ඇත.

හුදකලාව සමඟ ගැටෙමින් පෘථිවියෙන් දුරස්ථ ව කටයුතු කිරීමට මිනිසා හැඩගැසෙන්නේ කෙසේද යන්න HERA වැඩසටහන මඟින් අධ්‍යයනය කෙරෙන අතර සඳ, අඟහරු සහ වෙනත් අකාශ වස්තූන් වෙතට දියත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනාගත මෙහෙයුම් සඳහා මෙමඟින් ලබා ගැනෙන අත්දැකීම් ඉවහල් වන බව නාසා ආයතනය සඳහන් කරයි.

NASA ආයතනයට අයත්, හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම් භාර ගන්නා බව නාසා ආයතය නිවේදනය කර තිබු අතර Human Exploration Research Analog (HERA) ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසර සඳහා මෙහෙයුම් හතරක් සැලසුම්කර ඇති අතර ඒ අතරින් පළමු වැන්න පසුගිය මාර්තු 18වැනිදා අවසාන විය.

මේ අතරින් දෙවැනි මෙහෙයුම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් අතුරෙන් ඒ සඳහා සුදුසු ම පුද්ගලයන් සිව් දෙනා තොරා ගැනීමට NASA ආයතනය කටයුතු කර තිබුණා. පෙරේදා (15) ඔවුන් කවුරුන්ද යන වග නිල වශයෙන් නිවේදනය කෙරුණා.

HERA ව්‍යාපෘතියට අයත් දෙවැනි කණ්ඩායමේ සාමාජිකාවක වීමට වරම් ලබා ඇති පියුමි විජේසේකර, NASA ආයතනයට ම අයත්, සිලිකන් නිම්නයේ පිහිටා ඇති Ames Research Center හි විකිරණ ජෛවභෞතික විද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරයි.

විජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.

ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය ශ්වසන රෝග අධ්‍යයනය කිරීම හා බැඳී පවතී.

පියුමි විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝහිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *