ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව නවතා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටිනවා.

පවතින යුධමය තත්ත්වය හේතුකොටගෙන ඊශ්‍රායල ගුවන් සමාගම් එම තීරණය ගෙන ඇති බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන්නේ නම් ඒ සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කර දින සංශෝධනය කරගන්නා ලෙස තානාපතිවරයා මෙරට ජනයාට දැනුම්දී තිබෙනවා.

කෙසේවෙතත් පවතින තත්ත්වය හේතුවෙන් එරට ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් වූ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *