දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක්

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක්

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක්

දකුණු කොරියාවේ (10) පැවති මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක් හිමිවී ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්වී ඇත.

එරට ජාතික සභාවේ ආසන 300න් 192ක බලය හිමිකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඔවුන් සමග එකතුව කටයුතු කළ කුඩා පක්ෂ සමත්වී තිබේ. ජනාධිපතිවරයාගේ People Power පක්ෂයට ඒ අනුව දරුණු පරාජයක් හිමිවී තිබේ.

වර්තමාන ජනාධිපති Yoon Suk Yeol ගේ ප්‍රතිපත්ති ගැන ඇති ජනතා කැමැත්ත විමසීමට ජනමත විචාරණයක් ලෙස මෙම මැතිවරණය සැලකුණි. ඔහුගේ ධුර කාලය සම්පූර්ණ වීමට තවත් වසර තුනක් තිබේ.

මෙම පරාජයත් සමගම අගමැති Han Duk-soo සහ People Power පක්ෂයේ සභාපති Han Dong-hoon ඉල්ලා අස්වී ඇති බව සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *