උෂ්ණත්වය ඉහළ යෑම ගැන විද්‍යාඥයින් බියෙන්

උෂ්ණත්වය ඉහළ යෑම ගැන විද්‍යාඥයින් බියෙන්

උෂ්ණත්වය ඉහළ යෑම ගැන විද්‍යාඥයින් බියෙන්

වාර්තා ගත ලෙස මාර්තු මාසයේදී උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් අනාගතයේ ගෝලීය උෂ්ණත්වය අනපේක්ෂිත ලෙස ඉහළ යාම පිළිබඳ විද්‍යාඥයින් බිය පළ කරනවා.

මෙම වසර අවසානය වන විට උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහළ නොගිය හොත් දේශගුණික විපර්යාස අපේක්ෂා නොකළ මාවතකට අවතිර්ණ විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

ඉතිහාසයේ උෂ්ණත්වය වැඩිම මාර්තු මාසය ලෙස පසුගිය මාසය සටහන් වීමත් සමග විද්‍යාඥයින් මෙලෙස අනතුරු අඟවනවා.

සීඝ්‍රයෙන් සිදුවන දේශගුණික විපර්යාසයන් නව මාවතකට පරිවර්තනය වීමට මෙය හේතු සාධක වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

පසුගිය කාලය පුරා උෂ්ණත්වය ඉහළ යාමට එල් නිනෝ තත්ත්වය සෘජුව බලපා ඇති බවද සඳහන්.

කෙසේ වුවද එම තත්ත්වය පහව යාමත් සමග ඉදිරි මාස කිහිපයේ දී උෂ්ණත්වය පහළ යාමක් බලාපොරොත්තු විය හැකි වුවද එසේ නොවිය හැකි බවට විද්‍යාඥයින් බිය පළ කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *