දුමින්ද, ලසන්ත හා අමරවීර යන අය සිය තනතුරුවලින් ඉවත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාන්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවිර යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා (30) කටයුතු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ (30) පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීයි පක්ෂ සභාපතිවරයා මෙම තීරණය දැනුම් දී තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේදී (30) උදෑසන විශේෂ සාකච්ඡාවක් ආරම්භ වූණා. ඒ පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සංවිධායකවරුන් මේ සදහා එක්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද මෙම සාකච්ඡාවට සහභාගී වීම කැපී පෙනුනා.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට තින්දු කෙරුණු අතර ඒ සදහා ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මහියංගන ආසන සංවිධායක කේ පී ගුණවර්ධන පත් කර තිබෙනවා.

එමෙන්ම එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ ලසන්ත අලගියවන්න මහතා ඉවත්කරමින් බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා අදාල තනතුරට පත්කර තිබෙනවා.

මේ අතර පක්ෂයේ උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාද සිය තනතුරෙන් ඉවත් කිරීමටයි එම පක්ෂය කටයුතු කර තිබුණේ. ඒ අනුව අදාළ තනතුර වෙනුවෙන් සරත් ඒකනායක මහතා පත් කිරිමට පක්ෂ සභාපතිවරයා තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් පසුව තනතුරුවලින් ඉවත් කෙරුණු දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීම විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් තමන් අදාළ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ සභාපති වරයාට සිය විරෝධය පළ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *