අයියෝ සාමී ගීතයට ජාත්‍යන්තර සම්මානයක්

අයියෝ සාමී ගීතයට ජාත්‍යන්තර සම්මානයක්

අයියෝ සාමී ගීතයට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන” අයියෝ සාමි” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී (16th Edison Awards) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය හිමි කර ගෙන පසුගිය අඟහරුවාදා (26) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇත.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර, මෙම සම්මාන උළෙල ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි.

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *