රාජ්‍ය වාහන අඩුම පිරිවැයකින් ධාවනය ගැන නව හෙළිදරව්වක්

රාජ්‍ය වාහන අඩුම පිරිවැයකින් ධාවනය ගැන නව හෙළිදරව්වක්

රාජ්‍ය වාහන අඩුම පිරිවැයකින් ධාවනය ගැන නව හෙළිදරව්වක්

කිලෝමීටරක් රු.300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු.100 පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමණාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි විය.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර ගැණුනි.

මෙහිදී අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82000ක් පමණ පවතින බවත් ඉන් 76000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත්ය. මේ අනුව වාහන 5500 පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවද මෙහිදී අණාවරණය විය.

එසේම ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රු.300ත් 500ත් අතර වන බවත් මෙම පර්යේෂණ පත්‍රිකාව අනුව හඳුනාගෙන තිබුණි. නමුත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මගින් ගන්නේ නම් රු.100ක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව මෙහිදී මෙම පර්යේෂණයේ දත්ත අනුව හඳුනා ගැණුනි. මේ අනුව ක්‍රමාණුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රු.බිලියන 20ක් පමණ රජ්‍ය වියදම ඉතිරි කර ගත හැකි බව මෙහිදී අනාවරණය විය.

මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණ පත්‍රිකාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනු කාරක සභාවක් පත් කිරීමට මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිර්දේශ කළේය.

එසේම සුනිත්‍ය බලශක්තිය සම්බන්ධයෙන් මෙරට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීමද මෙහිදී සිදු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *