මධ්‍යම පළාතට සුදුසුකම් ලත් නව ගුරු පත්වීම්

මධ්‍යම පළාතට නව ගුරු පත්වීම් 145ක්

මධ්‍යම පළාතට නව ගුරු පත්වීම් 145ක්

මධ්‍යම පළාත තුළ දුෂ්කර ප්‍රදේශවල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස දීර්ඝ කාලයක් පාසල් වල ගුරු සහායකයින් ලෙස රාජකාරි ඉටු කළ සුදුසුකම් සපුරා ඇති 136 දෙනෙකු හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 09 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම හා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ අනුව මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා මෙය (22) සිදුවිය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා පනස් හතර දෙනෙකු (54) , නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා හැත්තෑ අට දෙනෙකු (78) හා මාතලේ දිස්ත්‍රික්කය සඳහා හතර දෙනෙකු (04) පත්වීම් මෙදින පත්වීම් ලැබූ අතර, මධ්‍යම පළාත තුළ ගුරු සහයකින් ලෙස 1782දෙනෙකු බඳවාගෙන ඇති අතර මේ වන විට ඉන් සුදුසුකම් සපුරා ඇති 1509 දෙනෙකු ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *