මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ව්‍යාපෘති 20ක් සඳහා රුපියල් කෝටි 183ක මුදලක් විදේශ ප්‍රදාන වශයෙන් 2022 වර්ෂයේ දී සෘජුව ලබා ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම වටිනාකම ප්‍රතිපාදන සලසාගෙන මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ ප්‍රකාරව විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ යුතු බවද විගණන වාර්තාවේ සඳහන්.

මේ පිළිබඳ මහා භාණ්ඩාගාරයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ චක්‍රලේඛ ප්‍රකාරව විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ යුතු බව සඳහන් වුවද මහා භාණ්ඩාගාරයේ දැනුවත්භාවයකින් තොරව අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මගින් සෘජුව විදේශ ප්‍රදාන ලබා ගෙන ඇති බවයි.

සෘජුවම ලැබෙන විදේශ ප්‍රදාන අයවැය ප්‍රතිපාදන සලසාගෙන මූල්‍ය ප්‍රකාශවල ඇතුළත් කිරීම සඳහා වාර්තා කිරීම ඒවා ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමක් බවද මහා භාණ්ඩාගාරයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *