ඉන්දි­යා­වෙන් හා පැරිස් සමා­ජ­යෙන් වසර 6ක ණය සහන කාල­යක්

ඉන්දි­යා­වෙන්, පැරිස් සමා­ජ­යෙන් වසර 6ක ණය සහන කාල­යක්

ඉන්දි­යා­වෙන්, පැරිස් සමා­ජ­යෙන් වසර 6ක ණය සහන කාල­යක්

ඉන්දි­යා­වට සහ පැරිස් සමා­ජයේ රට­ව­ලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාල­යක් දීම මෙන්ම ණය ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනු­පා­තය පහළ දැමීම සම්බ­න්ධ­යෙන් එම රට­වල අව­ධා­නය යොමුව තිබේ.

මේ වන විට ණය දෙන පාර්ශ්වය සහ ශ්‍රී ලංකා රජය අතර පව­තින සාකච්ඡා යහ­පත් මට්ට­මක පව­තින බවද ණය නිය­ම­යන් පිළි­බඳ විධි­මත් එක­ඟ­තා­වක් ඉතා ඉක්ම­නින් ලැබෙනු ඇතැ­යිද නිල ණය දීමේ කමි­ටුව (Official Creditor Committee [OCC]) ප්‍රකාශ කරයි.

මෙම කමි­ටුවේ සාමා­ජි­ක­යන් අතර පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව ජාත්‍ය­න්තර මාධ්‍ය වෙත ප්‍රකා­ශ­යක් කර­මින් මේ බව සඳ­හන් කර තිබේ. ශ්‍රී ලංකා­වට ණයදී ඇති රට­වල් 17ක් පසු­ගිය වසරේ ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ සාකච්ඡා පහසු කිරීම සඳහා මේ කමි­ටුව පිහි­ටුවා ඇත. චීනය මේ කමි­ටු­වෙන් ඉවත් වූ නමුත් නිරී­ක්ෂ­ක­යකු වශ­යෙන් සාකච්ඡා සඳහා සහ­භාගි වී තිබේ.

මේ අතර චීන ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් දෙරටේ රජ­යන් අඛ­ණ්ඩව සාකච්ඡා කර­මින් සිටින බව පෙන්වා දෙන නිල ණය දීමේ කමි­ටුව ඒ අනුව ඉදි­රි­යේදී චීනය සමඟ එක­ඟ­තා­ව­කට පැමි­ණෙනු ඇතැ­යිද කියා සිටී. නිල ණය හිමි­යන් සමඟ ගිවි­සුම් අව­සන් කිරීම සහ ප්‍රධාන පෞද්ග­ලික ණය හිමි­යන් සමඟ ප්‍රති­ප­ත්ති­මය ගිවි­සු­ම්ව­ලට එළ­ඹීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රති­සා­ධන සැලැස්මේ තීර­ණා­ත්මක පිය­ව­රක් වනු ඇතැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල (IMF) ප්‍රකාශ කර ඇත. චීන ණය ගෙවීමේ ක්‍රම­වේ­දය සහ අනෙක් රට­ව­ලට ණය ගෙවීමේ ක්‍රම­වේ­දය සමාන කොන්දේසි මත එකඟ වන බවට ශ්‍රී ලංකාව අදාළ කමි­ටු­වට ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *