පින්නවල අලි අනාථාගාරයේ 76වන අලි පැටවා උපත ලබයි

පිංන්නවල අලි අනාථාගාරයේ 76වන අලි පැටවා උපත ලබයි

පිංන්නවල අලි අනාථාගාරයේ 76වන අලි පැටවා උපත ලබයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පිංන්නවල අලි අනාථාගාරයේ 76වන අලි පැටවා පසුගිය ඉකුත් 20 දින උපත ලැබීය.

ඒ් පින්නවල අලි අනාථාගාරයේ වයස 32ක් වූ ශාන්ති කෙනෙරට සහ වයස අවුරුදු 19ක් වූ පණ්ඩු හස්තියාට දාව මෙම අලි පැටවා උපත ලබා ඇත

පින්නවල අලි අනාථාගාරය 1975 වර්ෂයේ පෙබරවාරි මස 16 වන දින එවකට අමාත්‍යවරයෙකුව සිටි පී.බි.ජි.කලුගල්ල මහතාගේ සංකල්පයකට අනුව අලි පැටවුන් 5 දෙනෙකුගෙන් ආරම්භ වූවකි.

පින්නවල අලි අනාථාගාරයේ සිදු වු ප්‍රථම අලි උපත සිදුව ඇත්තේ1984/07/05 කුමාරි කෙනෙරට දාව උපන් සුකුමලිය.

අලි අනාථාගාරයේ වැඩිම පැටවුන් සංඛ්‍යාවක් උපත ලැබූ වර්ෂය 2011 වන අතර එම සංඛ්‍යාව 15කි.

පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම නිවුන් අලි උපත සිදු වුයේ 2021අගෝස්තු මාසයේ දී බව වාර්තා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *