”ටීනියා”නමින් හඳුන්වන චර්ම රෝග තත්වයක අවධානමක්

”ටීනියා”නමින් හඳුන්වන චර්ම රෝගය ගැන අනතුරු ඇඟවීමක්

”ටීනියා”නමින් හඳුන්වන චර්ම රෝගය ගැන අනතුරු ඇඟවීමක්

මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවයි.

ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

වැඩිහිටියන් හා ළමුන් අතරද මෙම රෝගය වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා සඳහන් කරයි.

”ටීනියා” නමින් හඳුන්වන මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යාමේ හැකියාව පවතින බවත් සිරුරේ ඕනෑම ස්ථානයක එම චර්ම රෝගය ඇති විය හැකි බවටත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ දහඩිය වැඩි වශයෙන් රැඳෙන ස්ථාන ආශ්‍රිතව මෙන්ම හිස ආශ්‍රිතවද මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.

රවුම් හැඩයක් ගන්නා දදයක් ආකාරයෙන් එම රෝගය සිරුර පැතිරෙන අතර, නිතර කැසීම එහි ප්‍රධානතම ලක්ෂණ වේ.

මෙම චර්ම රෝගය ස්පර්ශය මගින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර, එය සුරතල් සතුන් හරහා බෝ විය හැකි බවත් වෛද්‍යවරුන් පවසයි.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ වන විට රටතුල ව්‍යාප්ත වන ටීනියා චර්ම රෝග ප්‍රභේදය මීට වසර 10 කට පෙර පැවති රෝගයට වඩා වෙනස් වු රෝගයක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *