මෙරට කාන්තාවන් 40%ක් බරපතළ අවදානමක – නවතම අනාවරණයක්

මෙරට කාන්තාවන් 40%ක් බරපතළ අවදානමක - නවතම අනාවරණයක්

මෙරට කාන්තාවන් 40%ක් බරපතළ අවදානමක - නවතම අනාවරණයක්

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය.

එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවටය.

පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය සියයට 51ක් පමණ වෙයි.
දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් 90%කින් සහ ආනයනික නිෂ්පාදනවල මිල ගණන් 30% පමණ ඉහළ නංවා තිබේ.

මේ සම්බන්ධව කරුනු විමසිමේදි මව්වරුන් පැවසුවේ සනීපාරක්ෂක තුවා මිල ඉහළයෑම හමුවේ තම දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහොත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු පැනනගින බවද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *