රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරුණු 16ක එකඟතාවකට

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයට එළඹ තිබේ.

පාලනයේ විනිශ්චය හෙවත් government Diagnostic යන සංකල්පය යථාවත් කර ගැනීම සඳහා මෙම සංකල්පය ක්‍රියාවට නැංවීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන් සහ මහා බැංකු ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාග වී ඇත.

පළමු පියවර ලෙස අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම, විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු
කරුණු 14ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වය මෙහිදී එකඟතාවය පළ කර ඇති අතර කරුණු දෙකක් ක්‍රම ක්‍රමයෙන් පසුවට ඉටු කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදියෙහි දූෂණ වංචා නතර කිරීමේ ක්‍රියාවලිය නිශ්චිතව සකසා ගැනීමෙන් පසු එම කරුණු දෙක සම්පූර්ණ කිරීම රජයේ ඉලක්කය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *