වී ගබඩා 12ක් වී මිලදී ගැනීම සඳහා විවෘතයි

වී ගබඩා 12ක් වී මිලදී ගැනීම සඳහා විවෘතයි

වී ගබඩා 12ක් වී මිලදී ගැනීම සඳහා විවෘතයි

වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී ගබඩා 12ක් එළඹෙන සිකුරාදා දින (15) සිට විවෘතව තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වී මිල දී ගැනීම සඳහා හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක 9හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් විවෘතව තැබීමට තීරණය කර ඇත.

එම දිස්ත්‍රික්ක නවයට අයත් කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය, අළුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය හා නොච්චියාගම වී ගබඩා හෙට සිට විවෘතව තබන බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වී ගබඩා 100ක් කවර අවස්ථාවක වුවද වී මිල දී ගැනීම සඳහා සුදානම්ව තබන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *