පාසල් ප්‍රධානීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යළි සිහිකැඳවීමක්

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට අඟහරුවාදා දින (12) යළි සිහිකැඳවීමක් කළේය.

එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල් නිවේදනය නිකුත් කළේ ගිය මස 26 වැනිදාය.

එම මුල් නිවේදනයේ සඳහන් උපදෙස් පිළිපදින ලෙස නව නිවේදනයෙන් යළි සිහිකැඳවීම් කර ඇත.

අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළැක්විය යුතු බවත් ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීම හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසු බවත් එහි සදහන්වේ.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකිය යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

අම්පාර තිරික්කෝවිල් ප්‍රදේශයේ පාසලක සිසුවකු මැරතන් තරඟයක් අතරේදී හදිසියේ අසනීප වීමෙන් (11) මියගියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් අරඹා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *