2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රු.කෝටි 8ක්

2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රු. 87,097,667.13ක්

2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රු. 87,097,667.13ක්

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති 2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි අටකට අධික මුදලක් (රුපියල් 87,097,667.13) වැයවී තිබෙන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙනවා.

එම වාර්තාවල සඳහන් වන්නේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 58 දෙනාගේ සහ විපක්‍ෂ නායකවරයාගේ වැටුප්, රියැදුරු, සංග්‍රහ දීමනා පාර්ලිමේන්තුව මගින් නොගෙවන බැවින් ඒ සඳහා වැය වූ මුදල් මීට ඇතුළත්ව නොමැති බවයි.

එම වියදම් අතහැර ඔවුන්ගේ මාසික කාර්යාල දීමනා, ඉන්ධන දීමනා, දුරකතන දීමනා, ප්‍රවාහන දීමනා, පැමිණීමේ දීමනා ඇතුළු දීමනා සඳහා සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා සඳහා පමණක් මෙම මුදල වැයවී තිබෙනවා.

එහිදී වැඩිම මුදලක් වැය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් බවත් ඇයගේ මන්ත්‍රී වැටුප වන රුපියල් 54,285.00 මුදල සහ සෙසු දීමනා සමග රුපියල් හාරලක්‍ෂ අසූතුන් දහස් පනස් හතරයි ශත පහළොවක මුදලක් ගෙවා ඇති බවත් සඳහන්.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවෙන් හිමි දීමනා ලෙස රුපියල් තුන්ලක්‍ෂ අටදහස් හාරසිය දහසයයි ශත විසිහයක මුදලක් ගෙවා තිබෙනවා.

එමෙන්ම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවෙන් හිමි දීමනා ලෙස රුපියල් තුන්ලක්‍ෂ අටදහස් හාරසිය දහසයයි ශත විසිහයක් (රුපියල් 308,416.26)ද ගෙවා ඇති බව එම වාර්තාවේ සඳහන්.

මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් තුන්ලක්‍ෂ අනූඅටදහස් පනස් හතරයි ශත පහළොවක් (රුපියල් 398,054.15) හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ මහතාටද ,මෛත්‍රිපාල සිරිසේන මහතාට මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් හාරලක්‍ෂ හතළිස් නවදහස් නවසිය හතයි ශත හතරක් (රුපියල් 449,907.04)ද ගෙවා තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටියදී පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්‍ෂවරයා විසින් සහතික කර ලබාදුන් 2023 වසරේ දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා වාර්තාවල මෙම තොරතුරු සටහන් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

– news19

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *