නවක වෛද්‍යවරුන් 1400ක් දිවුරුම් දෙයි

නවක වෛද්‍යවරුන් 1400ක් දිවුරුම් දෙයි

නවක වෛද්‍යවරුන් 1400ක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400ක් දිවුරුම්දී තිබෙනවා

එම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන ශ්‍රවණාගා‌රයේදී යි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් භාරදීමද සිදූ කර තිබෙනවා

එමෙන්ම වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවෙි නිරතවීම පිළිබදව විශේෂ දේශනද මෙහිදී පැවැත්වූ බව සඳහන්.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙය දිගු ගමනක ආරම්භයක් බවත්, සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *