2024 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින

2024 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින

2024 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාගය හා ඒවා පැවැත්වෙන දිනයන් නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව මෙම දිනයන් දැනුම් දී ඇත්තේ.

2023 වර්ෂයට අදාළ පැවැත්වීමට නියමිතව තිබු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මස 06 සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ලබන සැප්තැම්බර් 15 වැනි ඉරිදා දිනයේදීයි

මීට අමතරව අ.පො.ස උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර 2024 අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරීයේ දී දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *