සහනාධාර ගැනිමට ගිය ගාසා වැසියන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර; මරණ 100 ඉක්මවයි

0
සහනාධාර රථ අසළ රැස්ව සිටි ගාසා වැසියන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර; මරණ 100 ඉක්මවයි

සහනාධාර රථ අසළ රැස්ව සිටි ගාසා වැසියන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර; මරණ 100 ඉක්මවයි

සහනාධාර රථ පෙල අසල රැස්ව සිටි ගාසා වැසියන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.

ඊශ්‍රායල යුද ටැංකි පැවතියද ගාසා තීරයේ නිරත දෙසින් වෙරලබඩ මාර්ගයේ නවතා තිබූ සහන රථ පෙලක් වෙත ජනතාව ඇදී ගොස් තිබෙනවා.

ආහාර ලබාගැනීමට උත්සාහ කරන සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එහිදී ඊශ්‍රායල සොල්දාදුවන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොරි අසල සිය ගණනක් ජනතාව රැස්ව සිටින ආකාරය සහ ඔවුන්ට වෙඩි තබන ආකාරය ගුවනින් ගත් වීඩියෝ දර්ශනවල සටහන්ව තිබෙනවා.

ඝාතනයට පත් වු 112 දෙනෙකුගේ සහ තුවාල ලැබූ 760කට අධික පිරිසකගේ ලේඛණ හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර ජගත් මහලේකම්වරයාද මෙම සිද්ධිය හෙළා දැක තිබෙනවා. වහාම මානුෂීය සටන් විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසයි ඔහු අවධානය කර තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com