ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක්
ජනවාරි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 4392 සිට ඩොලර් මිලියන 4491 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
චීන මහ බැංකුවෙන් ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් පමණ වන විදේශ විනිමය එම විදේශ වත්කම් සංචිත හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගතයි.