කෘෂිකර්ම ඇමතිගෙන් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ආරම්භ කරයි
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින “ඵලදාවර්ධන හා අලෙවි අංශය” වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.
එම අංශය මගින් වැඩිපුරම සිදුකරනු ලබන්නේ ඉඩම් ගොඩකිරීමට උපදෙස්දීම බවත්, ඉන් කිසිදු ඵලදාවර්ධන කටයුත්තක් සිදුනොවන බවයි නිලධාරින් අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.
ඒ අනුව රජය කුඹුරු ගොඩකිරීම, ප්‍රතිපත්තියක් ලෙස තහනම් කර ඇති පසුබිමක එම අංශය වසා දැමීමට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අදාළ අංශය අපනයනය සඳහා භෝග කිරීමේ හා ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ලෙසද ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.