දරුවන් 5000ට නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාවක්

0
දරුවන් 5000ට නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාවක්

දරුවන් 5000ට නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාවක්

දරුවන් පනස්දහසකට මධ්‍යස්ථාන 300කදී නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාව ලබාදීම ලබන 5 වනදා ආරම්භ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඇබිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේ පැවති 2024 වර්ෂය සදහා පළමු ශ්‍රේණියට පාසල් දරුවන් ඇතුලත් කර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ප්‍රාථමික අංශය සදහා ඉදිකළ පාසල් ගොඩනැගිල්ලද විවෘත කෙරුණා.
පංති කාමරවලට ගිය අමාත්‍යවරයා දරුවන් සමග කතා බහක නිරත වුණා.

බෝධිරාජ විද්‍යාලය ආරම්භ කිරීමට උපකාර කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන සුමනසේකර මහතාට සහ අමාත්‍යවරයාට එම විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝමත හිමියන් තිළිණ ප්‍රධානයක්ද සිදුකළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com