මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් වාහන හිමියන්ට උපදෙසක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් වාහන හිමියන්ට උපදෙසක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් වාහන හිමියන්ට උපදෙසක්

තමන් සතු වාහන අනුන්ට විකිණීමේදී අදාළ වාහනය විකුණා ඇති බවට සඳහන් පෝරමයද පුරවා මෝටර් රථ කොමසාරිස්වරයාට ලියාපදිංචි තැපෑලෙන් එවා වගකීමෙන් බැහැර වන ලෙස මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මහතා මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇතැම් පුද්ගලයන් වාහන මිලදී ගැනීමත් සමග කලින් හිමිකරු අදාළ පෝරමය එවා නොතිබුණු අවස්ථාවක යම් පුද්ගලයකු එම වාහනය අපරාධයකට යොදාගතහොත් එහිදී අපහසුතාවට පත්වන්නේ වාහනයේ මුල් හිමිකරු බවයි මෝටර් රථ කොමසාරිස්වරයා පැවැසුවේ.

මේ අතර, පසුගිය පෙබරවාරි 02 වැනිදා සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්ෂාවෙන් පසුගිය සතිය වන විට රථ වාහන වැරැදි සිදුකළ 560 දෙනකු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

එම වැරැදි කළ රථ වාහන රියැදුරන්ට එරෙහිව දඩ කොළ පොලිස් ස්ථාන 190ක් හරහා යවා ඇති බවද ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *