ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 2ක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 2ක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 2ක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා සිකුරාදා (16) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගන්නා ලදී.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ IRINS ‘Bushehr’ නෞකාව, දිගින් මීටර් 107 හා නැව් මුළුව දෙසිය හැත්තෑ දෙනෙකුගෙන් (270) සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් MAHDI BALVARDI කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘Tonb’ නෞකාව, දිගින් මීටර් 94.94 හා නැව් මුළුව දෙසිය පනස් දෙනෙකුගෙන් (250) සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් MOHAMMAD HAJI ZADEH කටයුතු කරනු ලබයි.

මෙම නෞකාවන් මෙරට රැඳී සිටින කාලසීමාව තුල නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් විසින් බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ නිල හමුවන් පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම, මෙම නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුවන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, මෙම නෞකාවන් නැරඹීම සඳහා නාවික හමුදා ශිෂ්‍ය භට නිලධාරීන්ට සහ නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව ලබාදීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් නැරඹීම සඳහා ඉරාන ශිෂ්‍ය භට නිළධාරීන් හා එරට නාවිකයන් හට අවස්ථාව ලබාදීම ඇතුළු පුහුණු හුවමාරු වැඩසටහනක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇති අතර, IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරය නිමා කරමින් 2024 පෙබරවාරි මස 19වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *