ලාංකිකයන් 25ක් ඇතුලු විදේශකයන් 186ක් මාලදිවයිනෙන් පිටුවහල් කරයි

0
ලාංකිකයන් 25ක් ඇතුලු විදේශකයන් 186ක් මාලදිවයිනෙන් පිටුවහල් කරයි

ලාංකිකයන් 25ක් ඇතුලු විදේශකයන් 186ක් මාලදිවයිනෙන් පිටුවහල් කරයි

වීසා නීති උල්ලංඝනය කිරීම හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුලු විදේශකයන් 186 දෙනකු මාලදිවයින් රජය පිටුවහල් කර ඇත.

එලෙස පිටුවහල් කරන ලද විදේශිකයන් අතර බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනකු ඉන්දියානු ජාතිකයන් 43 දෙනකු, ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු සහ නේපාල ජාතිකයන් අට දෙනකු වේ.

මාලදිවයිනේ ක්‍රියාත්මක වන නීති විරෝධී ව්‍යාපාර මැඩලීමේ මෙහෙයුම යටතේ එරට රජය මෙම විදේශිකයන් පිටුවහල් කර ඇති නමුත් පිටුවහල් කිරීම ක්‍රියාත්මක කරන දිනය එරට රජය මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com