සාමාන්‍ය පෙළ විභාගය මැයි-ජුනි මස වල

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවයි. ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දෙයි. ජාතික හැඳුනුම්පත නොමැති වුව ද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත්, එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා දෙන ලිපිය ලබා ගෙන , බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දෙයි.
2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කරයි.
මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි
2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.