වසරකට පිළිකා රෝගී දරුවන් 1,000 -1,200 දක්වා වාර්තා වේ

වසරකට පිළිකා රෝගී දරුවන් 1,000 -1,200 දක්වා වාර්තා වේ

වසරකට පිළිකා රෝගී දරුවන් 1,000 -1,200 දක්වා වාර්තා වේ

පෙබරවාරි 15ට යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහි දී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, 2021 වර්ෂයේ දී පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්තා වී ඇති බවයි.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සඳහන් කරන්නේ, වසරකට පිළිකා රෝගී දරුවන් 250 – 300 අතර ප්‍රමාණයක් මිය යන බවයි.

පිළිකා සහිත දරුවන් මුල් අවස්ථාවේදීම අඳුනා ගැනීම ඉතා වැදගත් බව හා නිසි ප්‍රතිකාර ලබාදීමද වැදගත් බව ඔහු අවධාරණය කර ඇත.

දරුවන් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ගය ලේ පිළිකාව බවද ඔහු සඳහන් කරයි.

වැඩිහිටියන්ට පිළිකා වැලඳීම සඳහා ප්‍රධාන වශයෙන් දුම්පානය කිරීම සහ බුලත් විට කෑම හේතු වන නමුත් ළමා පිළිකා සඳහා එවැනි නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවද ඔහු වාර්තා කර ඇත.

වසරකට පිළිකා රෝගී දරුවන් වාර්තා වීම 1,000 සිට 1,200 දක්වා වන බවද ඔහු සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *